Posts

Most Recent

අත් බෙහෙත් භාවිතා කළ යුත්තේ

Image
 අත් බෙහෙත් භාවිතා කළ යුත්තේ, 1) සරල රෝග වලදී  2) වෛද්‍යවරයෙකු කරා යාමට පෙර   3) රූපලාවණ්‍ය කටයුතුවලට 4) බෝ නොවන රෝග පාලනයට  සැලකිය යුතු කාලයකදී සුවයක් නොපෙන්වයි නම් වහාම වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගනීම මැනවි.

මහා බුද්ධ මන්ත්‍ර හා ඖෂධ මාලාව

Image
  මහා බුද්ධ මන්ත්‍ර හා ඖෂධ මාලාව [1980] [1-17 තෙක්]

සම පැහැපත්වීමට

Image
සම පැහැපත්වීමට අරළු කුඩු බුළු කුඩු නෙල්ලි කුඩු සම ප්‍රමාණ ගෙන ඇල්වතුරින් අනා ගන්න. (මේවා පහසුවෙන් වෙළෙඳපොළෙන් සපයා ගත හැක) ඉන්පසු ඇල්වතුරින් අඹරා ගත් මිශ්‍රණය ඇග ගල්වා විනාඩි 30 කට පමණ පසු සෝදා හරින්න.

නිශාදී තෛලය

Image
  නිශාදී තෛලය අධික සෙම් ගතියෙන් පීඩා විඳින්නන්ටත්, පීනස් රෝගීන්ටත් හිස ගැල්වීම සඳහා නිතර භාවිතයට ගත හැකි ආයුර්වේද තෙල් වර්ගයකි. කිවිසුම් යෑම, සෙම් සොටු ගැලීම , සෙම නිසා ඇති වන හිසරදය වැනි තත්වයන්වලදී හිසේ ගැල්විමෙන් සහනය ලබාගත හැකිය. වෛද්‍ය උපදෙස් මත රෝහලකදී සිදු වන ශීර්ෂ සම්බාහනයේදී සහ නස්‍ය කර්මවලදී නිශාදී තෛලය බහුලව භාවිතා කෙරේ. මීතෙල් සහ තල තෙල් යොදාගෙන සිඳගන්නා නිශාදී තෙල සඳහා අමුද්‍රව්‍ය ලෙස අමුකහ, මුකුණුවැන්න සහ කිකිරිඳිය යුෂ යොදා ගනී.

සීතෝදක තෛලය

Image
  සීතෝදක තෛලය අමුකහ, කොහොඹ කොළ සහ හාතාවාරිය අල ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන සිඳගන්නා සීතෝදක තෛලය ප්‍රධාන වශයෙන් බාහිරව ඇති වන තුවාල සඳහා ප්‍රතිකාරයක් ලෙස යොදාගනී. පිළිස්සුම් තුවාල වලදීද ප්‍රතිකාරයක් ලෙස යොදාගත හැකිය. පැරණි තුවාල වලට මෙන්ම ඒ මොහොතේ සිදුවූ තුවාල වලටත් සීතෝදක තෛලයය එක ලෙසම භාවිතා කළ හැකිය. සීතෝදක තෛලය ගැල්වීම මඟින් තුවාල මත විෂබීජ ඇත්නම් ඒවා විනාශ කරන අතර ආසාදනයට ලක්වූ පටක සහ සම වේගයෙන් ප්‍රකෘති තත්වයට පත්කිරීම ද සිදුවේ. හුමාලයෙන් පිළිස්සීම ඇතුළු ගෙදර දොරේ කටයුතුවලදී නිතර සිදුවන අනතුරු සඳහා ක්ෂණිකවම යොදාගත හැකි බැවින් නිවසේ ගබඩා කොට තැබිය යුතු ප්‍රථමාධාරයක් ලෙස සීතෝදක තෛලය වැදගත්ය. මිලදී ගැනීමට පිවිසෙන්න 💰✉

නීල්‍යාදී තෛලය

Image
  නීල්‍යාදී තෛලය සුලභව භාවිතා වන ආයුර්වේද තෙල් වර්ගයක් වන මෙය හිස ගැල්වීම සඳහා භාවිතා කරයි. හිසෙහි සහ හිස්කබලේ ඇති වන රෝග සඳහාත්, හිසකෙස් වැඩීම පිණිසත්, අකලට හිසකෙස් සුදු වීම වැනි තත්වයන් වැළැක්වීම පිණිසත් භාවිතා කරන නීල්‍යාදී තෛලය කාන්තා පාර්ශ්වයේ ජනප්‍රිය තේරීමකි. කෝඨාරක ප්‍රදාහය හෙවත් මිග්‍රේන් තත්වයන්ට ඖෂධයක් ලෙසද, ශීර්ෂ සම්බාහනය සඳහාද බහුලව යොදාගන්නා මෙම තෙල හිස් ගැල්වීමෙන් මානසික ආතතිය දුරු කරන අතර, මනස සැහැල්ලු කරයි. එසේම වෛද්‍ය නිර්දේශයන් අනුව තැලීම්, තුවාල සහ දේශිය කැඩුම් බිදුම් ප්‍රතිකාරවලදීද නීල්‍යාදී තෙල භාවිතා කෙරේ. මදටිය සහ අංකෙන්ද කොළ ප්‍රධාන වශයෙන්ද වැල්කැප්පෙටියා, නිල්අවරිය සහ දියහබරල පත්‍ර වල යුෂ යොදාගනිමින් නීල්‍යාදී තෛලයය නිෂෟපාදනය කෙරේ. මිලදී ගැනීමට පිවිසෙන්න 💰✉

ත්‍රිඵලා තෛලය

Image
  ත්‍රිඵලා තෛලය ආයුර්වේදයේ ප්‍රචලිත ඔසු තුන් වර්ගයක් වන අරළු, බුළු, නෙල්ලි යුෂවලට අමතරව තලතෙල් යොදාගෙන සිඳගන්නා ත්‍රිඵලා තෙල් හිසට සහ ශරීරයට එකසේ ගැල්විය හැකි තෙලකි. නේත්‍ර රෝගවලදී පුරවලියම් යෙදීමටද, කර්ණ රෝගවලදී කර්ණ පූර්ණ ප්‍රතිකාරවලටද, සියලුම ශීර්ෂ රෝග සඳහා හිස ගැල්වීමට ද සුදුසු ත්‍රිඵලා තෛලය වටිනා ඔසුවකි. කුඩා ළදරුවන්ට පවා භාවිතා කළ හැකි සැහැල්ලු තෙලකි. හිස ආශ්‍රිත රුධිර නාල ප්‍රාණවත් කර ස්නායු පෝෂණය කරයි. හිසකෙස් රෝග, නේත්‍ර රෝග, නාසා සහ කර්ණ රෝග වලදී නිසැකවම යොදාගනි. සමට යටින් තැන්පත් වන අනවශ්‍ය මේද කොටස් දිය කර හැරීමේ හැකියාවද ත්‍රිඵලා තෙල සතු ගුණාංගයකි. තැවිලි ප්‍රතිකාර, ධූම ප්‍රතිකාර සහ ශ්වේද ප්‍රතිකාර සඳහා යොදාගනී. මිලදී ගැනීමට පිවිසෙන්න  💰✉