නීල්‍යාදී තෛලය
නීල්‍යාදී තෛලය සුලභව භාවිතා වන ආයුර්වේද තෙල් වර්ගයක් වන මෙය හිස ගැල්වීම සඳහා භාවිතා කරයි. හිසෙහි සහ හිස්කබලේ ඇති වන රෝග සඳහාත්, හිසකෙස් වැඩීම පිණිසත්, අකලට හිසකෙස් සුදු වීම වැනි තත්වයන් වැළැක්වීම පිණිසත් භාවිතා කරන නීල්‍යාදී තෛලය කාන්තා පාර්ශ්වයේ ජනප්‍රිය තේරීමකි. කෝඨාරක ප්‍රදාහය හෙවත් මිග්රේන් තත්වයන්ට ඖෂධයක් ලෙසද, ශීර්ෂ සම්බාහනය සඳහාද බහුලව යොදාගන්නා මෙම තෙල හිස් ගැල්වීමෙන් මානසික ආතතිය දුරු කරන අතර, මනස සැහැල්ලු කරයි. එසේම වෛද්‍ය නිර්දේශයන් අනුව තැලීම්, තුවාල සහ දේශිය කැඩුම් බිදුම් ප්‍රතිකාරවලදීද නීල්‍යාදී තෙල භාවිතා කෙරේ. මදටිය සහ අංකෙන්ද කොළ ප්‍රධාන වශයෙන්ද වැල්කැප්පෙටියා, නිල්අවරිය සහ දියහබරල පත්‍ර වල යුෂ යොදාගනිමින් නීල්‍යාදී තෛලයය නිෂෟපාදනය කෙරේ. මිලදී ගැනීමට පිවිසෙන්න 💰✉

















Comments
Post a Comment